25 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරණීය මෙත්ත සූත්‍රය විකෘති කළ අය සොයා මෙහෙයුම්

කරණීය මෙත්ත සූත්‍රය විකෘති කළ අය සොයා මෙහෙයුම්

කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මෙම වීඩියෝපටය කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් සකස් කර ඇති අතර කරණීය මෙත්ත සූත්‍රය විකෘති කරමින් නිර්මාණය කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යංශය පවසන්නේ.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව කරණීය මෙත්ත සූත්‍රය විකෘති කළ අය සොයා විමර්ශන අරඹා තිබෙනවා.