පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා සුපිරි 08 දෙනාගේ තරග වටයේදී ඔස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක පැට් කමින්ස් කඩුලු ත්‍රිත්ත්වයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඔහු මෙම මෙම කඩුලු ත්‍රිත්වය දවාගනු ලැබුවා.
පැට් කමින්ස් පළමු කඩුල්ල ලෙස Mahmudullah දවාගනු ලැබූ අතර පිළිවෙලින් දෙවැනි හා තෙවැනි කඩුලු ලෙස Mahedi Hasan හා Towhid Hridoy දවාගනු ලැබුවා.
අද ලබාගත් කඩුලු ත්රිත්ත්වය පැට් කමින්ස් මෙවර ලෝක කුසලානයේ දී ලබාගත් පළමු කඩුලු ත්රිත්ත්වය ද වනවා.