― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරුසියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රුසියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ අයෙක් ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, සංචාරක වීසා යටතේ මෙරට සිසුන් රැගෙන ගොස්, එරට අතරමං කර ඇති බවයි වාර්තා වන්නේ.

මොහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු රුසියාවේ උසස් අධ්‍යාපනය සඳහා යවන බව පවසා රුපියල් විසි එක්ලක්ෂ අනූ පන්දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගෙන මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහිව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17 ක්, කුලියාපිටිය පොලිසියට පැමිණිළි 02 ක් ද, කුරුණෑගල පොලිසියට පැමිණිළි 03 ක්ද, නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ල ක් ද ලැබී තිබුණි.

මීට අමතරව මොහු පිළිබඳ වාද්දුව, අම්පාර සහ මොරටුව පොලිසිවලටද පැමිණිලි ලැබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලයා රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇණ තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග, එයින් බේරීම සඳහා මොහු ඊයේ ශ්‍රී ලංකාවට පළා විත් තිබෙනවා.

මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.