― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසජිත් හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සජිත් හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (20) හමුවක් සිදුව තිබෙනවා.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන්ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් පැවසීය.