― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2024 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

2024 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා.

කෙසේනමුත් මේ සඳහා ඉල්ලුම් කළ යුත්තේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පමණක් බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් 2024 ජුනි මස 20 වැනිදා සිට ජුලි 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12 පැය දක්වා භාර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හි උපදෙස් දක්වා තිබෙනවා.

නැතහොත් මාර්ගගත වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk මගින් හෝ දෙපාර්තමේන්තුවේ ජංගම දූරකථන යෙදවුම මගින් හෝ ඉල්ලුම් කළ හැකි වනවා.