26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි කසුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු අත්අඩංගුවට

ඩුබායි කසුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැඟවී සිටින ‘ඩුබායි කසුන්’ හා ළහිරු යන අයවළුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (23) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලම් වීදිය, කොලඹ 14 පිහිටි ගරාජය පිටුපස වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 360 ක් සමඟ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඩුබායි කසුන් සහ ළහිරු යන අයවළුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහ මොළකරු බවට තොරතුරු අනාවරණය කර‌ගෙන ඇත.