28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩ්‍රෝන තාක්ෂණයෙන් ඇල්ලූ ගංජා වගාව

ඩ්‍රෝන තාක්ෂණයෙන් ඇල්ලූ ගංජා වගාව

ඩ්‍රෝන කැමරා තාක්ෂණය භාවිතා කරමින් යාල වනෝද්‍යානයේ ඉතා සූක්ෂම ලෙස වගා කරන ලද ගංජා වගාවන් දෙකක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීඉන්ට ලද තොරතුරක් මත ඊඉයේ (23) යාල වනෝද්‍යානයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීති විරෝධීව අඩි 03යි අඟල් 03 ක් පමණ උසකින් යුත් ගංජා ගස් 6,786 සහිත පර්චස් 35ක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා හේනක් සහ අඩි 02ක් පමණ උසකින් යුත් ගංජා ගස් 5,954 සහිත පර්චස් 25ක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා හේනක් වටලා තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20 සමග කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර අනෙකුත් ගංජා ගස් එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.