― political ―

දරුවෝ වෙනුවෙන් දෙයක් කරද්දි ඉරිසියා කරන්න එපා

කුහකයින්ගේ කතාවලට රැවටෙන්න එපා යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ කුහකකම් නිසා රටේ සුබවාදී දේවල් කඩාකප්පල් වන බවත් මේ අයට පුරුදු ගොඩ නැගීම...
HomeHot Newsමං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ස්සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය ඊයේ (23) පෙරවරුවේ විවෘත කරමිනි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන අතර 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති. පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

මෙම වැඩසටහන කෘෂි නවීකරණ වැඩසටහනේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාවය සඳහා ද කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇතිවන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා.

අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා. ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්. රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ඊයේ දින එම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඔබට ඉඩම් අයිතිය හිමිව තිබෙනවා. එහි ආඩම්බරය ඔබට දැනිය යුතුයි. ඒ වගේම අප දීප ව්‍යාප්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම ලබන වසර වන විට කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ක්‍රමානුකූලව මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම තුළින් ග්‍රාමිය ප්‍රදේශ දියුණු වෙනවා.

ඒ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මහවැලි ඒ සහ බී කලාප ඇතුළු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම දියුණු වෙනවා.”