23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජූලියන් අසාන්ජ් නිදහස් වෙයි

ජූලියන් අසාන්ජ් නිදහස් වෙයි

වසර ගණනාවක නීතිමය සාකච්ඡාවකින් පසු, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් තිබෙනවා.

එක්සත් ජනපද බලධාරීන් සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුව ඔහු අපරාධ චෝදනාවලට වරද පිළිගෙන නිදහස් වනු ඇති බව විකිලීස් පවසනවා.

52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට සහ හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් ලිපිගොනු ජීවිත අනතුරේ හෙලන බවට වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය තර්ක කරනවා.

අසාන්ජ් පසුගිය වසර පහ ගත කළේ බ්‍රිතාන්‍ය සිරගෙයක වන අතර, එතැන් සිට ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කළා.
අසාන්ජ් එක්සත් ජනපද අත්අඩංගුවේ කිසිදු කාලයක් ගත නොකරනු ඇති.

X හි සටහනක් තබමින්, විකිලීක්ස් පැවසුවේ අසාන්ජ් දින 1,901 කට පසු සඳුදා, බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් පිටව ගිය බවයි.

පසුව ඔහු ‘ස්ටැන්ස්ටඩ් ගුවන් තොටුපළ හරහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.