27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

යක්කලමුල්ල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

යක්කලමුල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.