26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් අනධ්‍යන සේවකයින් දෙවැනි දිනටත් වර්ජනයේ

පාසල් අනධ්‍යන සේවකයින් දෙවැනි දිනටත් වර්ජනයේ

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) ආරම්භ කළා.

අධ්‍යාපන අනධ්‍යන සේවකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාති ප්‍රතිපත්තියක් සකස් කිරීම හා සිය ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යන සේවකයින් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර ගුරුවරුන් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, පිරිවෙන් ගුරුවරු ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සියලු නිලධාරින් හෙට ලෙඩ නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා.