25 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙර පාසල් ගුරුවරුන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

පෙර පාසල් ගුරුවරුන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වැඩි කළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මඩකලපුව, චෙංකලඩි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමේ අරමුණින් ඉදිරි වසර කිහිපය තුළ නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.