23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුඛයට වෙඩි තබාගෙන උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට

මුඛයට වෙඩි තබාගෙන උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට

ගම්පොළ ප්‍රදේශයේ උසස් පෙළ සිසුවෙකු ප⁣⁣තොරම් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ පාර, උලපනේ පදිංචි 18 හැවිරිදි සිසුවෙක්.

පොලීසිය පැවසුවේ මෙම සිසුවා පියා සතු තුවක්කුව සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම සිදු කර ඇති බවයි.

මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර ඉන් හිසේ පසුපසට බරපතල හානි සිදුව තිබෙනවා.

ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් මෙම සිසුවා ඇ සාමාර්ථ 08ක් හා ඹ් සාමාර්ථයක් සහිතව අපොස සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයකට ඇතුළත් කර තිබුණා.

නියමිත කාලයට වසරකට පෙර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවටත් තොරතුරු වාර්තා වනවා.