32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අද (25) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම නගරයේ සැක සහිත පුද්ගලයකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ නෝට්ටු පොලීසියට හමු වී ඇත.

මොහු සන්තකයේ තිබී රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 06 ක් හමු වූ බවයි පොලීසිඋඅ පැවසුවේ.

සැකකරු නොච්චියාගම අඹගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේවලදී තමාගේ මිතුරෙකු විසින් මෙම මුදල් ලබා දුන් බවයි පවසා ඇත්තේ.

සැකකරු තවත් පුද්ගලයකු හෝ කීපදෙනෙකු සමඟ එක්ව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කිරීමේ ජාවාරමක නිරත වන බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන බවත් තඹුත්තේගම පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොසොන් සමය හේතුවෙන් මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර අනුරාධපුරයේ ඇතුළු ප්‍රධාන නගරවලදී සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කර ඇතැයි සැක කරන බව පැවසූ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසයි.