32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිප්පි කටු ප්‍රවාහනය කළ ලොරිය පොලිස් දැලේ

සිප්පි කටු ප්‍රවාහනය කළ ලොරිය පොලිස් දැලේ

නීති විරෝධිව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවකු තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත තඹුත්තේගම කලා ඔය පාලම අසළදී සිදු කළ වැටලීමකදී ත්‍රිකුණාමලයේ සිට හෙට්ටිපොළ දක්වා බලපත්‍ර නොමැතිව ධාවනය කරමින් තිබූ සිප්පු කටු තොගයක් සහිත මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ලොරි රථය තුළ සිප්පි කටු කිලෝ 20000 කට ආසන්න ප්‍රමාණයක් පැවති බවත් ඒවා කිලෝ 50 උර 401 ක් තුළ අසුරා තිබූ බවත් පොලීසිය පවසනවා.

සිප්පි කටු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගත යුතු නමුත් මෙම ලොරි රථය බලපත්‍ර ලබා නොගෙන කුකුල් ආහාර රැගෙන යන බව පවසා මෙලෙස නීතී විරෝධිව සිප්පිකටු තොගය ප්‍රවාහනය කිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේනමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කින්නියා ප්‍රදේශයේ කළපුවල සිප්පි කටු කැනීමට බලපත්‍ර ලබා නොදෙන බවයි.

ඒ අනුව මෙම සිප්පි කටු නීති විරෝධි ලෙස ලබා ගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් සිප්පි කටු තොගය සහිත ලොරි රථය හා සැකකරු අද (25) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.