ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ E පාස්පෝර්ට් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව කිසියම් විදෙස් ගමන් බලපත්රයක් වලංගු වසර 10ක කාලසීමාව ඉක්මවීමෙන් පසු E පාස්පෝර්ට් නිකුත් කරන තුරු තවත් වසරකින් කාලය දීර්ඝ කර තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ආරම්භ කරන බවයි.