27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊයේ ඇල්ලූ ඉන්දීය ධීවරයින් 10 දෙනා රිමාන්ඩ්

ඊයේ ඇල්ලූ ඉන්දීය ධීවරයින් 10 දෙනා රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් ඇල්ලීමට ගොස් නාවික හමුදා සෙබළෙක් මියයාමේ සිද්ධියට අදාළ නඩුවේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් දසදෙනා ලබන ජූලි මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

යාපනය – නෙඩුන්දිව් මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් ඇල්ලීමට ගිය නාවික හමුදා සෙබළෙක් එහිදී හටගත් ගැටුමකින් ජීවිතක්ෂයට පත්වුණා.

පසුව ඉන්දීය ධීවරයින් 10 දෙනා සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10 දෙනා සහ ධීවරයින් පැමිණි යාත්‍රාව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ඒමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ඊයේ (25) යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මල්ලාකම් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.