23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාන්තාවන් සවිබල ගැන්වීමට පනතක් ගෙනාවේ රනිල් විතරයි

කාන්තාවන් සවිබල ගැන්වීමට පනතක් ගෙනාවේ රනිල් විතරයි

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවා.

කෙසේනමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වනවිට සම්මත වී තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන වෙනුවෙන් සම්බන්ධයෙන් මීට පෙර පනතක් ගෙනවිත් නොමැති බව පැවසිය යුතුයි. මෙම පනත මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදුවනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව මෙම පනත ඉදිරිපත් කෙරුණා. පනත සකස් කිරීමේ දී සංශෝධනයන් රැසක් සිදුවුණා. පාර්ලිමේන්තු කාන්තා සංසදය ඊට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වැදගත් කාරණා රැසක්ම පනතට ඇතුළත් කිරිමට හැකියාව ලැබුණා. ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම මෙන්ම එහි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව මෙමඟින් හිමි වෙනවා. එබැවින් මෙම පනත මඟින් කාන්තාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අනුව කාන්තාවන්ට අදාළව රජය විසින් භාර ගෙන ඇති බැඳීම් බලාත්මක කිරීමට යාන්ත්‍රණ හඳුන්වාදීම සිදු වනවා. ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගික දිශානතිය මත පදනම්ව යමෙකුට සිදුවන වෙනස් කොට සැළකීම් වලින් ආරක්ෂාව සැළසීම මෙන්ම ඒ මත පදනම්ව හිංසනයට ලක්වීම වැළැක්වීමට මෙමඟින් ද ප්‍රතිපාදන සැළසෙන බව සඳහන් කළ යුතුයි.