කොළඹ – ලෝටස් පාරේ සිය විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) දිනයේදීත් ගුරු – විදුහල්පති සංගම් දියත් කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
අසනීප නිවාඩු වාර්තා කරමින් ගුරු-විදුහල්පතිවරුන් ඒකාබද්ධව අද (26) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.
එම විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.