23.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජයටම හොර සල්ලි අච්චු ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

ජයටම හොර සල්ලි අච්චු ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්‍ටු මුද්‍රණය කළ පාසල් සිසුවෙකු හා සැකකරුවන් දෙදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ තඹුත්තේගම නගරයේදී ව්‍යාජ රුපියල් 500 නෝට්‍ටු 06ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුවයි මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 08ක්, 500 නෝට්ටු 149 ක් සමඟ ලැප්ටොප් පරිගණකයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, මෙමරි චිප් එකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමේ පඩුවස්නුවර හා හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් තඹුත්තේගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.