― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeNewsAccidentතිදෙනෙක්ට මරු කැඳවූ මාන්කුලමේ රිය අනතුර

තිදෙනෙක්ට මරු කැඳවූ මාන්කුලමේ රිය අනතුර

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම, පනික්කන්කුලම ප්‍රදේශයේදී අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මාන්කුලම පොලිසිය පැවසුවේ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ බස් රථය නවතා බස් රථයේ කාර්මික දෝෂය නැවත සකස් කරමින් සිටියදී, යාපනය දෙස සිට පැමිණි ලොරි රථයක් නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තිදෙනාගේ මෘත දේහ මාන්කුලම හා කිලිනොච්චිය රෝහල්වල නැම්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.