― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබොරුවෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ - සජිත්

බොරුවෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ – සජිත්

අදත් රටේ ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාව ගොනාට ඇන්දවීම බවත් මුළු රටම බොරුවෙන් මුසාවෙන් මුලාවෙන රවටන බවත් ඇස්බැන්දුම් රංගන දියත් කරන ආකාරය පෙනී යන බවත් මේවාට ඔස්කාර් සම්මානවලටත් වඩා සම්මාන ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (26) ගම්පහ බියගම පමුණුවිල මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාලකයන් ජනතාව ඇන්දවීම, රැවටීම, මංමුලා කිරීම පැය 24ම දවස් 365ම තමන්ගේ වෘත්තීය බවට පත් කර ගෙන ඇති මොහොතක ගොබෙල්ස්ගේ න්‍යාය මනා ලෙස රටේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නැති දේ ඇති කර ඇති දේ නැති කර බොරුව සත්‍ය කර සත්‍ය බොරුව කරනා බවත් මෙවැනි මිත්‍යාවාදී ගමනකට නම් රට ගොඩනැගිය නොහැකි බවත්ය.

හිට්ලර්ගේ ගොබෙල්ස්ගේ පාලන තන්ත්‍රය තුළ බොරුව කියමින් බොරුව ඇත්ත කළ බවත් එවැනි න්‍යායක් අදත් ක්‍රියාත්මක විය යුතු බවත් රට ගොඩ ගැනීමට නම් රටේ ඇති සැබෑ තත්ත්වය අවබෝධ කර ගත යුතු බවත් තිත්ත ඇත්ත මේ රටේ ජනතාවට කිවයුතු බවත් අප රට ඇ. ඩොලර් බිලියන 92කට වැඩි ණයබරතාවකින් පෙළෙන බවත් මේ ණය බරතාව දේශීය හා විදේශීය ණය ලෙස වෙන් වන බවත් මේ ණය සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් භාවයෙන් එළියට ආවනම් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොලෙන් ණය ගැනීමේ හැකියාවක් ඇති බවත් මේ ගැන පුරවැසියන් තොරතුරු දැන ගත යුතු බවත් පාලකයන්ද ජනතාව නිවැරදිව තොරතුරුවලින් සන්නද්ධ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ එදා බදු සහන දීමෙන් රට ගොඩගත හැකි බවට පාලකයන් පැවසුවත් ඒ නිසා ආර්ථික මර උගුලකට අප රට හසු වූ බවත් සෑම අතකින්ම රටේ ආර්ථිකය විනාශ වූ බවත් ඒ බොරුව පිළිගැනීම නිසා රට සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත් අදත් එම බොරුව නැවත වරක් කීමට රජය සූදානම් බවත්ය.

මේ අවස්ථාවේ රජය සූදානම් වන්නේ ජනතාව මංමුලා කර බොරුවෙන් ඉදිරියට යාමට බවත් ඉදිරියට යාමට බවත් තවදුරටත් අපට බොරුවෙන් ඉදිරියට යා නොහැකි බවත් සත්‍ය හා සැබෑ තත්ත්වය මත කේන්ද්‍රීයව රට ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දිනවල රඟ දක්වන විවිධ ටෙලිනාට්‍යවලට මවාපැම්වලට රගපෑම්වලට මේ රටේ ජනතාව රැවටෙන්න එපා යැයි පවසන බවත් දත්ත මත පදනම්ව සාක්ෂි මත තොරතුරු මත පදනම්ව අපේ රට ගොඩනගන වැඩපිළිවෙළට යොමු වන ලෙසත් අප පරිත්‍යාගයන් සිදු කළ යුත්තේ සමාජයේ අධි පොහොසතුන්ට බවත් වැඩ කරන ජනතාවට එම පරිත්‍යාග සිදු කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට දැඩි බලපෑමක් කරමින් ගජමිතුරු ධනවාදීන්ට සහන දුන් බවත්ය.

රටේ ජනතාව දුක්ඛිත ජීවිතයක් ගත කරන විට දරුවන් අපහසුතාවෙන් ඉගෙන ගන්නා විට රජයක් සිදු කළ යුතු අවම යුතුකම හා වගකීම වන්නේ මේ පාසල් පද්ධතියේ සම්පත් ඌනතා බිහි වන්නට නොදී මඟහරවා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම බවත් අප රටේ දරුවන් අතිශය දක්ෂ වුවත් අපි රටක් ලෙස වැරදි මාර්ගයක යන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ සුදුපුරු පරිදි ක්‍රියාත්මක වන ජාතිය, ආගම, තරාතිරම හා දේශපාලන වාසි අනුව කෙරෙන ප්‍රකාශ මත තීන්දු වූ ප්‍රතිපත්ති රටට අවශ්‍ය නොවන බවත් ඒවායින් රටට සෙතක් වෙනවා වෙනුවට අතිවිශාල හානියක් සිදුවන බවත් එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.