බලපිටිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අවමංගල ශාලාවක හිමිකරුවෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ බලපිටිය, ආවාස වත්ත හන්දියේදී ඊයේ රාත්‍රියේ මිනී පෙට්ටි ප්‍රවාහන මෝටර් රථයක් තුළ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක් වන අම්බලන්ගොඩ ඩිපෝව මංසන්ධියේ ‘නිව් රේමන්ඩ්’ මල්ශාලා හිමිකරු වන ජී.පී. තුසිත කුමාර නැමැති අයෙකි.
හිසට සිදු වූ බරපතල කැපුම් තුවාල හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ රාත්‍රියේ බලපිටිය, ආවාසවත්ත මංසන්ධියේ මිනී පෙට්ටි ප්‍රවාහන මෝටර් රථයක් නතර කර ඇති බව දුටු ප්‍රදේශවාසින් එය සෝදිසි කිරිමේදී රියදුරු තුවාල සහිතව මියගොස් සිටින බව දැක අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.