24.5 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී තරුණයින් දෙදෙනෙක් රෝහලේ

විදුලි සැර වැදී තරුණයින් දෙදෙනෙක් රෝහලේ

මුලතිව්, පුදුකුඩිඉරිප්පු නගරයේ පෞද්ගලික ආයතනයක ඉහළ මාලයේ පිහිටි ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනෙකු අද (26) දහවල් විදුලි සැර වැදී තිබෙනවා.

පොලිසිය පැවසුවේ විදුලි සැර වැදීමෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

පළමුවෙන්ම එක් තරුණයෙකු පෞද්ගලික ආයතනයේ ඉහළ මාලයේ පැවති වතුරු ටැංකිය පිරිසිදු කිරීමට ගොස් ඇති අතර අදාළ තරුණයා පහළට නොපැමිණීම සම්බන්ධයෙන් විමසා බැලීමට අනෙක් තරුණයා ද ඉහළ මාලයට ගොස් තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ ආයතනයේ ඉහළ මාලය ආසන්නයේ අධි බලැති විදුලි රැහැන් කිහිපයක් පවතින බවත් අදාළ අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුව ඇත්ද, නැතිනම් වෙනත් විදුලි කාන්දුවකින් අනතුර සිදුව ඇතිද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.