27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද පිරිපහදුව, රජය සතු වෙනම ආයතනයක් ලෙස පිහිටුවීම සම්බන්ධයෙන් වන මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ආයතනය සඳහා වන විදෙස් ආයෝජන ආකර්ශනය ඉහළ නැංවීම සඳහා වන ක්‍රියා මාර්ග රැසක් සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වූ බවයි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දීමද මේ යටතේ සිදු කෙරෙනු ඇති.