26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිර මැදිරියෙන් පලාගිය සිරකරු සොයා මෙහෙයුම්

සිර මැදිරියෙන් පලාගිය සිරකරු සොයා මෙහෙයුම්

නඩුවක් සඳහා රැගෙන විත් ගලගෙදර අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මැදිරියේ යකඩ කූරු ඈත් කොට පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගංජා සන්තකයේ තබා ගැනීමේ වරදට හතරලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරව සිට ඇති අතර එම නඩුව විභාග කිරීම සඳහා ඊයේ (25) ගලගෙදර අධිකරණය වෙත රැගෙන විත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර සහ හතරලියද්ද පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.