27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු අප්‍රිකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

දකුණු අප්‍රිකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (27) සමත් වුණා.

තරගය Tarouba හි දී පැවැත්වුණු අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඇෆ්ගන් පිළේ අෂ්මතුල්ලා ඕමර්සායි පමණක් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10ක් ලබාගත් අතර ඔවුන්ට පන්දුවාර 11ක් අවසානයේ ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 56ක් පමණයි.

කෙසේනමුත් දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී, තවත් පන්දු 68ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.