― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එම රතු නිවේදනයේ දැක්වෙන්නේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 06ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 67ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බවයි.

එය පැයට කි.මී. 65-75ත් අගයක් දක්වා වර්ධනය විය හැකි බැවින් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ වනවිට දියඹට ගොස් සිටින ධීවරයින් හෝ නාවිකයින් ඇත්නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා හෝ ගොඩබිම වෙත පැමිණෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.