― political ―

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30)...
HomeHot Newsකෝටි 05ක හෙරොයින් සමඟ සිව්දෙනෙක් දැලේ

කෝටි 05ක හෙරොයින් සමඟ සිව්දෙනෙක් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) වත්තල පොලිස් වසමේ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීම් 03 ක් සිදුකර තිබුණා.

එහිදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 492 ක් ත්‍රීරෝද රථයක්, කැබ් රථයක් හා යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකථන 02 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය ‘කුඩු රොෂාන්’ හා ‘කරන්දෙණිය සුද්දා’ යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් බවයි අනාවරණය වී ඇත්තේ.