27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෙදර යන්න ඉල්ලූ කෙහෙළියගේ පෙත්සම කල් යයි

ගෙදර යන්න ඉල්ලූ කෙහෙළියගේ පෙත්සම කල් යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (27) නියම කළා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කළ රිට් පෙත්සමයි මෙලෙස කල් ගොස් ඇත්තේ.

එම පෙත්සම අද සලකා බැලූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් කරුණු ඉදිරිපත් කළා.