― political ―

දරුවෝ වෙනුවෙන් දෙයක් කරද්දි ඉරිසියා කරන්න එපා

කුහකයින්ගේ කතාවලට රැවටෙන්න එපා යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ කුහකකම් නිසා රටේ සුබවාදී දේවල් කඩාකප්පල් වන බවත් මේ අයට පුරුදු ගොඩ නැගීම...
HomeHot Newsදරුවෝ වෙනුවෙන් දෙයක් කරද්දි ඉරිසියා කරන්න එපා

දරුවෝ වෙනුවෙන් දෙයක් කරද්දි ඉරිසියා කරන්න එපා

කුහකයින්ගේ කතාවලට රැවටෙන්න එපා යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ කුහකකම් නිසා රටේ සුබවාදී දේවල් කඩාකප්පල් වන බවත් මේ අයට පුරුදු ගොඩ නැගීම නොව විනාශ කිරීම බවත් සංවර්ධනය නොව ආපස්සට යාම බවත් ගිනිතැබීම, මිනිමැරීම, පිළිස්සීම, විනාශ කිරීම් වැනි දේවලින් රටටත් ජනතාවටත් සෙතක් නොවන බවත් යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ පිළිස්සීම, මිනිමැරීම, විනාශ කිරිම නොව ගොඩනැගීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) ගම්පහ – ජා ඇළ නිමල මරියා බාලිකා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 264 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම් අමතක කර සැවොම එකට එකතු වී මහා දැවැන්ත ශක්තියක් නිර්මාණය වන බවත් එම දැවැන්ත ශක්තිය රට ගොඩනගන ශක්තිය බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

තියෙන තැනින් ලබා ගෙන නැති තැනට දීම දේශපාලනඥයාගේ රාජකාරිය බවත් එය බලහත්කාරයෙන් සිදු කිරීමක් නොව ඉල්ලීමක් මත සිදුවන දෙයක් මෙම වැඩසටහනේ විනිවිදභාවය හා පිරිසුදුභාවය මත පදනම්ව දානපතියන් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දරුවන් වෙනුවෙන් දෙයක් කරන විට එය වෛර කිරීම හා ඊර්ෂයා කිරීම සිදු නොකරන ලෙසත් තමා විශ්වාස කරන ආකාරයට දේශපාලනඥයාගේ වගකීම වන්නේ අගයක් එකතු කිරීම බවත් මේ රටටත් අවශ්‍ය වී ඇත්තේ අගයක් එකතු කිරීම බවත් එය වරදක් නොවන බවත් බංකොලොත් රටෙත් පාඩම් ඉගෙන නොගෙන ඊර්ෂයාව වෛරය ක්‍රෝධය හා කුහකකම පාන බවත් මේ අය වැඩ නොකර වැඩ කරන අයට වැඩක් කිරීමට ඉඩ නොදී බාධා කරන බවත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතියහොත් රටක් ලෙස ඉදිරියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

දේශපාලනය අමතක කර, කුහකකම ඉවත් කර, කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ජනතාවට හා පාසල් දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට එක්වන ලෙසත් තමා අවබෝධ කර ගත් දේශපාලනය එය බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

නායකයන් හොඳම දේ දරුවන්ට කිය කිය දරුවන්ට හතුරුකම් කරන බවත් පාසල් සිසුන් දෙකට බෙදා දිවා ආහාරය ලබා දෙන බවත් එය එසේ නොවී සියලුම දරුවන්ට දිවා ආහාරය ලබා දීමට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන බවත් අධ්‍යාපනය යනු මූලික අයිතියක් බවත් එය සියලු දෙනාටම එක හා සමානව හිමි කර දීම දේශපාලනඥයන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.