― political ―

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30)...
HomeHot Newsපොදු වැසිකිලියට ගිය දෙදෙනෙක් නොඑන ගමන් යයි

පොදු වැසිකිලියට ගිය දෙදෙනෙක් නොඑන ගමන් යයි

නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිලිය තුළදී පුද්ගලයන් දෙදෙනෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ (26) පස්වරුවේ එම වැසිකිලියට ගිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවු 72 හැවිරිදි පුද්ගලයෙකු හා අද (27) එම වැසිකිලියට ගිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් බවයි නුවරඑළිය පොලීසිය පැවසුවේ.

අභිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

එසේම නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබීමට ද පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.