― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsරජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිතර වෙනවා

රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිතර වෙනවා

අද රටේ සිදුවන්නේ ගොනාට ඇන්දවීමේ සූදුව බවත් සත්‍ය තොරතුරු ගැන දන්නා කවුරුත් අප රට බංකොලොත්භාවයෙන් එළියට ආවා කියා පිළිගන්නේ නැති බවත් මේ එක් පාර්ශ්වයක් සමඟ ගිවිසුමක් ගැසීමෙන් බංකොලොත්භාවයෙන් එළියට ආ නොහැකි බවත් අප රට ජාත්‍යන්තර ඉවෛරී බැඳුම්කරුවන් සමඟ කිසිදු ස්ථිර ගිවිසුමකට එළැඹ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) වත්තල, තෙළඟපාත ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

සුහුරු පහසුකම් දරුවන්ට සහ පුරවැසියන්ට තිබුණහොත් සත්‍ය දත්ත හා තොරතුරු මත විද්‍යාත්මකව තීරණ ගැනීමේ හැකියාව ඇති බවත් ආවේගශීලී තීන්දු තීරණවලින් තොරව කටයුතු කළ හැකි බවත් දත්ත කේන්ද්‍රීයව තීන්දු තීරණ ගත හැකි බවත් සුහුරු උපකරණයක වටිනාකම මෙය බවත් සුහුරු උපකරණ හරහා අප රටේ දරු පරපුරට වැඩිහිටි පරපුරට තරුණ පරපුරට තොරතුරු, සත්‍ය දත්ත හා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ලෝකයේ හොඳම සිනමා ශිල්පීන් වන්නේ සිනමාකරුවන් වුවත් අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයෝ බවත් ඔවුන් අමිතාබ් බච්චන්ටත් එහා ගිය රංගනයක නිරත වන බවත් ය.

එම නිසා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම ජනතාවගේ වගකීම බවත් මේ රජය සමහර දත්ත පවා සඟවා ඇති බවත් අර්ථ සාධක අරමුදලට වුණ බලපෑම ගැන පවා තොරතුරු මේ වන තෙක් හෙළිකර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය සුපිරි පන්තියට සලකා වැඩ කරන ජනතාව නොසලකා හැර ඇති බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඒ සදහා පුරවැසියා දැනුමෙන් තොරතුරුවලින් සන්නද්ධ කළ යුතු බවත් ඒ සඳහා දැනුම කේන්ද්‍රීය ආර්ථිකය වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.