23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළට

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළට

ඕස්ට්‍රේලියානු රජය විසින් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු ඉහළ දමා තිබෙනවා.

නිවාස වෙළෙඳපොළ මත පීඩනය තීව්‍ර කර ඇති වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණයකටත් වඩා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව අද සිට එනම්, ජූලි 01 වැනිදා සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 ($1,068) දක්වා ඉහළ දමා තිබෙනවා.

පසුගිය වසරේ අග සිට ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියාව ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරමින් සිටීම විශේෂත්වයක්.