― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsමී උණ පැතිරීම වැළැක්වීමට පියවර රැසක්

මී උණ පැතිරීම වැළැක්වීමට පියවර රැසක්

රට තුළ මී උණ ව්‍යාප්ත වීමේ අවදානම් ස්ථාන ලෙස දිස්ත්‍රික්ක 17ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පාසල් සහ නිවෙස් වෙත ගොස් වැළැක්වීමේ පියවර පිළිබඳව උපදෙස් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1200ක් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 3500ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (01) සිට බඳවා ගැනීමට නියමිතය.

මේ වසරේ රට පුරා මී උණ රෝගීන් 5000ක් පමණ හඳුනාගෙන ඇති අතර මී උණ හේතුවෙන් වසරකට රෝගීන් 100ක් පමණ මිය යන බව මෑතකකදී සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.