32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකයිවාරු ගහන නායකයින්ගෙන් රටට වැඩක් නැහැ

කයිවාරු ගහන නායකයින්ගෙන් රටට වැඩක් නැහැ

මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නොවන බවත් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් අද රටට ලැබී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) මාතර පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසර දෙක පුරා අභියෝග රැසකට අප මුහුණ දුන් බවත් ඒ අවස්ථාවේදී දේශපාලනය කිරීම වෙනුවට තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක් වූ බවත්ය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආ බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතු බවයි.

මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නොවන බවත් ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් රටට අවශ්‍ය බවත් එවැනි නායකත්වයක් අද රටට ලැබී ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.