― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsකවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) මාතලේ පැවැති ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.

මේ වන විට ජනාධිපති සිහිනයේ බොහෝ දෙනෙකු සිටියත් රටේ ඇති ඩොලර් හිඟයට රුපියල් හිඟයට උත්තර දෙන්න පුළුවන් 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ බලයක් නොමැතිව වැඩක් කළ එකම කණ්ඩායම සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

ජනාධිපතිවරු පත් වුණාට ඒ අය එන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පමණක් වුවත් තමා ජනාධිපති වූ පසු ජනතාවගේ ගැටලු සොයා බැලීමට සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ජනාධිපති ලේකම් ඒකකයක් ඇති කර ඕනෑම පුද්ගලයකුගේ ගැටලුවක් ජනාධිපතිවරයාට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඒ තුළින් කඩිනම් විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ එක එක නායකයන් මහනායක ස්වාමීන් වහන්සේ හමුවෙන්න ගිහින් ඕපදූප කතා කළත් තමා මහනායක ස්වාමීන් වහන්සේලා හමුවෙන්න ගියේ විපක්ෂයේ සිට සිදු කළ සියලු වැඩ සම්බන්ධ සවිස්තර වාර්තාවක් රැගෙන බවත් මේ සක්වල, හුස්ම යනු මැතිවරණ පොරොන්දු නොවන බවත් ඒවා සියල්ල සමගි ජන බලවේගයම නිර්මාණය කළ ඒවා බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එසේම මේ රට ගොඩගන්න මේ රටේ රාජ්‍ය ආදායම මදි බවත් ඒ සඳහා සියලුම ධානපති රටවල් සහ ධානපතියන් සමඟ සාකච්ඡා කර අපේ රටට ගත හැකි උපරිම ආයෝජන හා ප්‍රතිලාභ ලබා ගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුහුරු රටක් නිර්මාණය කිරීමේ දී සියලු දෙනාම තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් ලෝකයේ නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන කෘෂිකර්මාන්තය ඉහළට ම ගොස් ඇති බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය වැනි රටවල් මෙන් අප රටේ ද නවීන තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු බවත්ය.