තම ඉල්ලීම්වලට කඩිනමින් ප්රතිචාර දක්වන ලෙස බල කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා ගුරු සංගමය පවසනවා.
ඒ අනුව ඔවුන් හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වනු ඇති.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.