28.9 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙවොන් 5 ධීවර යාත්‍රාවෙන් දිවි බේරාගත් ධීවරයා රෝහලට

ඩෙවොන් 5 ධීවර යාත්‍රාවෙන් දිවි බේරාගත් ධීවරයා රෝහලට

ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ විජයබාහු නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

එම ධීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කෙරුණු බව නාවික හමුදාව පැවසුවා.

තංගල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි පිරිස මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දෙන්නේ පසුගිය 28 වැනිදායි.

ධීවරයින් පිරිස නාවික සැතපුම් 365ක පමණ දුරින් ධීවර කටයුතුවල යෙදී සිටියදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් මත්පැන් යැයි සිතා පානය කර එය විෂ වී, අසාධ්‍ය තත්වයට පත් වුණා.

මෙම සිදුවීමෙන් ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුව සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් ඉතිරි වී සිටි ධීවරයින් දෙදෙනා මුදා ගැනුණු අතර එහිදී තවත් ධීවරයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඉතිරි ධීවරයා දෙවුන්දර සිට නාවික සැතපුම් 170ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත ලබා ගත්තා.

වෙ⁣ළෙඳ නෞකාවේදී මිය ගිය ධීවරයාගේ මෘතදේහය ද රැගෙන විජයබාහු නෞකාව හම්බන්තොට වරාය වෙත ළඟා වුණා. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව පැවසුවා.