― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsදරුවන්ට පාසල් වියේදීම ව්‍යවසායකත්ව පුහුණුවක්

දරුවන්ට පාසල් වියේදීම ව්‍යවසායකත්ව පුහුණුවක්

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිටම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමඟ 9 ශ්‍රේණියේ සිටියදී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන්ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවයි.

ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්‍යවරයා අවධාරණය කළේ 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බවයි.

රට නැවත යථා තත්වයට පත්වෙමින් පවතින පසුබිමක ඉදිරියේදී රටට සතුටුදායක ආරංචි කීපයක්ම ජනතාවට අසන්නට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මේ වන විටත් ආනයනය තහනම්ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර ඇති බවත් නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුවත් සමග කිසිදු රටකට අද හුදකලා විය නොහැකි බවයි.

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට තුළ නිපදවා ගැනීමට මෙන්ම මෙරට නිපදවන භාණ්ඩ විදේශ වෙළෙඳපොළට උචිත අන්දමින් ගුණාත්මක බවින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වන සේ නිෂ්පාදනය කිරීමට අප ක්‍රියා කළ යුතු බවත් ඒ සඳහා පදනම සැකසෙන්නේ පර්යේෂණ හා නව නිපැයුම් මත බවත් කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව අපේ අධ්‍යාපන පද්ධතියෙන් ලැබෙන අනුග්‍රහය ද තවත් වැඩි කළ යුතු බවයි සඳහන් කළේ.

වර්තමානයේ ද මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බොහෝ පර්යේෂණ බිහි වුවත් ඒවා ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමට වැඩි දියුණු වීම සිදු නොවන තරම් බවත් එම පර්යේෂණ හරහා නවෝත්පාදන බිහි කර දේශීය හා විදේශීය වෙළෙඳපළට සරිලන නව නිෂ්පාදන බිහි කිරීමේ අවකාශ උදා වන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය නවෝත්පාදන ක්ෂේත්‍රයට සහසම්බන්ධ කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ දැනුම, ආකල්ප සහ කුසලතාවයෙන් යුතු පුරවැසියෙකු බිහිකිරීම බවත් දැනුම මත පමණක් රැඳී නොසිට කුසලතා හා ආකල්ප වර්ධනයට පෙර පාසල් අධ්‍යාපනයේ සිටම අවශ්‍ය අඩිතාලම සකස් කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා යුනෙස්කෝ ආයතනයේ සහයෝගය ඇති ව ජාතික අධ්‍යාපන ආයතනය හා විද්වතුන් සමග එක් ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ක්‍රියාවලියේ ආරම්භක පියවරෙහි වැඩ අවසන් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.