27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට හදි කර පලායමින් සිටි අයෙක් අත්අඩංගුවට

දැරියකට හදි කර පලායමින් සිටි අයෙක් අත්අඩංගුවට

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කර පලායමින් සිටි සැකකරුවෙක් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසු වූ නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු මීට ප්‍රථම 09 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පලාගොස් වසර 10 ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු ඊයේ (30) උදෑසන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරීමට පැමිණ පසුව ඔහුගේ ඇපයට අත්සන් කළ ඇයගේ සොහොයුරිකගේ නිවසට ගොස් සොහොයුරියගේ දියණිය දූෂණය කර ප්‍රදේශයෙන් පලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපයෝජනයට ලක් වූ දැරිය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.