ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07% කින් බස් ගාස්තුව අඩුවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසුවේ.
නව බස් ගාස්තුව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
2002 වසරේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර ඇති කරගත් එකඟතාවයකට අනුවයි මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ.