වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම්ගේ නිල කාලය පසුගිය 26 වැනිදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.