29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිරුණිකාගෙන් අභියාචනයක්

හිරුණිකාගෙන් අභියාචනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තමන්ට නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්.

මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී තිබෙනවා.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීම මේ මස 4 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලීටම නියමිතයි.