― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsබෝක්කුවක් මත නාඳුනන මළ සිරුරක්

බෝක්කුවක් මත නාඳුනන මළ සිරුරක්

හැටන්, කොටගල, රොසිටා නගරයේ බෝක්කුවක් මත තිබී අද (02) නාන්දුනන මළ සිරුරක් සොයාගත් බව දිඹුලපතන පොලිසිය පවසනවා.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බෝක්කුවක් මත අවු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට දිඹුලපතන පොලිසියට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

පොලීසිය සැක පල කරන්නේ මොහු කොටගල නගරය හරහා ගමන් කරමින් සිටියදී මෙලෙස අනාරක්ෂිත බෝක්කුව මතට වැටී මිය යන්නට ඇති බවයි.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර දික්ඔය මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.