― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsබෝම්බ බියක් ඇති කළ පුද්ගලයා අල්ලයි

බෝම්බ බියක් ඇති කළ පුද්ගලයා අල්ලයි

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබා දීම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ගිනිගත්හේන පොලිසිය පැවසුවේ අද (02) මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් පවතින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදීමෙන් පසු එම අධිකරණ සංකිර්ණයේ සිටි සියලු පිරිස් ඉවත් කර පරික්ෂා කළද එවැනි කිසිදු දෙයක් හමු නොවූ බවයි.

පසුව මෙම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී එම දුරකථන අංකය හිමි සිම්පතේ හිමිකරු ලෙස ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පුද්ගලයෙක් බවට හදුනා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි වියේ පමණ පසුවන අයෙක් බවත් ඔහු හැටන් – කොළඹ හා හැටන් – නුවරඑළිය පුද්ගලික බස් රථවල තාවකාලික කොන්දොස්තරවරයකු ලෙස වරින් වර සේවය කරන පුද්ගලයකු බවත් අනාවරණය වී තිබෙනවා.