28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහවත්තේ චාමරගේ සොහොයුරෙක් අයිස් සමඟ මාට්ටු

මහවත්තේ චාමරගේ සොහොයුරෙක් අයිස් සමඟ මාට්ටු

දැනට විදේශ රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහවත්තේ චාමරගේ සහෝදරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බවයි.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පැට්ටා වත්ත පාර, ARKAM TRADING COMPANY PVT LTD ආයතනය ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහිදී දැනට විදේශගතව සිටින සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මහවත්තේ චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනව.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන පුද්ගලයෙක්.

ඔහු සන්තකයේ තිබී ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.