― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසම්බන්ධන්ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

සම්බන්ධන්ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (03) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම දෙමළ දේශපාලනඥයකු වූ ආර්. සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ සිය දිවියට සමුදුන්නා.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුණා. අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පස්වරු 2 සිට පස්වරු 4 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තැන්පත් කර තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි ගත් තීරණයකට අනුවයි.

මේ හේතුවෙන් හෙට දින පාර්ලිමේන්තු රැස්වීම, නොපැවැත්වීමට ද පක්ෂ, විපක්ෂ එකඟත්වය පළ වී තිබුණා.

ආර්. සම්බන්ධන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

මොහු 1956 වසරේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සමඟ සම්බන්ධ වීමෙන් දේශපාලන දිවිය අරඹා ඇති අතර 1977 ජූලි 21 පැවති මහ මැතිවරණයෙන් ඔහු ත්‍රිකුණාමලය ආසනය ජයග්‍රහණය කරමින්, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ද සම්බන්ධ වී පිහිටුවා ගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

1983 වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනයට අනුකූලව දිව්රුම් දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එවක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත් සමග ආර්. සම්බන්ධන්ට ද පාර්ලිමේන්තු නියෝජනය අහිමි වුණා.

2001 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයෙකු ලෙස තරග කර යළි පාර්ලිමේන්තු නියෝජනය දිනාගත් ආර්. සම්බන්ධන් මියයන තුරුම මන්ත්‍රී ධුරයේ කටයුතු කළා.

2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළ සම්බන්ධන් මෙරට විපක්ෂ නායක ධුරයට පත් දෙවන දෙමළ දේශපාලනඥයා ද වෙනවා.

උතුරු නැගෙනහිර යුද සමයේ දී එම පළාත්වල වෙසෙන දෙමළ ජනයා නියෝජනය කරමින්, දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට එරෙහිව දියත්වූ හිංසනයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අත් නොහළ සම්බන්ධන් උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනයා වෙනුවෙන් දේශපාලන විසඳුමක් දිනාගැනීමේ අරගලය මියයන තෙක්ම අත්හැර දැමුවේ නැහැ.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී සිදු කිරීමට නියමිතයි.