27.1 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැමියා ඇමතුමේ සිටියදී බිරිය ගෙල වැළලාගෙන

සැමියා ඇමතුමේ සිටියදී බිරිය ගෙල වැළලාගෙන

යාපනය, ආනෙයි කොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් ඊයේ (01) ගෙල වැළලාගෙන මියගොස් ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඇයගේ සැමියා ස්විස්ටර්ලන්තයේ රැකියාවක නියැලෙමින් සිට ඇති අතර ඊයේ මොවුන් දෙදෙනා වීඩියෝ තාක්ෂණයෙන් ඇමතුමක සිටින අතරවාරයේදී දෙදෙනා අතර යම් බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

පසුව මෙම කාන්තාව විසින් සැමිය වීඩියෝ දුරකතන ඇමතුමේ රැඳී සිටින අතරතුරදීම ඔහුට පෙනෙන අයුරින් නිවසේදීම ගෙල වැළලාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුව එම අවස්ථාවේදීම සැමියා අසල්වාසීන්ට දුරකතන ඇමතුමක් ලබා දී පරික්ෂා කොට කාන්තාව රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඇය මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු වූ නිලාජිනි ලකිතා නම් තිදරු මවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.