31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක් - 120ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක් – 120ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 120 ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් 100කට වැඩි සංඛ්‍යාවක් මෙන්ම ළමුන් හත් දෙනෙක් ද සිටින බවයි අදාළ වාර්තා පවසන්නේ.

ආගමික යාඥාව අවසන් වූ පසු භෝලේ බාබා හෙවත් නාරායන් සාකර් ලෙස හඳුන්වන අදාළ ආගමික යාඥාව මෙහෙයවූ ස්වාමිවරයාගේ පාද ස්පර්ශයට තෙරපුණු පිරිසට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුවූ බවත් ඒ් අනුව පිරිස එකිනෙකා තෙරපමින් අදාළ යාඥා මධ්‍යස්ථානයෙන් පිටවීමට උත්සාහ කළ බවත් සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර තිබෙනවා.

මේ අතර දහස් ගණන් මිනිසුන්ට රැස්වීමට ඉඩ හෝ පහසුකම් නැති භුමියක මෙවැනි ආගමික යාඥාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් භෝලේ බාබා හෙවත් නාරායන් සාකර් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බවද ඉන්දීය මාධය වාර්තා කරනවා.

අදාළ ආගමික මෙහෙය වෙනුවෙන් පුද්ගලයින් 80,000 ක් රැස් කිරීම සඳහා සඳහා අවසර ලබා දී ඇති මුත් ලක්ෂ 2.5 කට වැඩි බැතිමතුන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ සිට ඇති බවයි උත්තර් ප්‍රදේශ් පොලිස් බලධාරීන් සඳහන් කර තිබුණේ.

මේ අතර අදාළ අනතුරෙන් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බව උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ජනාධිපති දෟපදි මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට ශෝකය පළ කර තිබෙනවා.